පිය සටහන් පමණක් ඉතිරි කරමු

‘මුහුදු වෙරළ‘, සාගරය හා බැඳුනු පාරිසරික නිමැවුම් අතරින් සුන්දරතම සහ අපූර්වතම නිමැවුමක් වෙස හැඳින්විය හැකිය. ප්‍රබල කුණාටු හෝ රළු මුහුදේ අධික සුළං පහරට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරමින් මුහුදු වෙරළ ආශ්‍රිතව ජීවත් වන වැසියන්ට ආරක්ෂාව සැපයීම මෙහි වැදගත්ම කාර්යභාරය ලෙස හැඳින්විය හැකිය. තවද, වෙරළාශ්‍රිත ජනයාගේ ජීවෙනෝපායන් ද සාගරය, වෙරළ හා බැඳුනු ක්‍රියාකාරකම් මත පදනම් වී ඇත.

ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටන දූපත් රාජයයක් වන ශ්‍රී ලංකාව, එහි සතර දිශාවන්ට විහිදී පවතින සුන්දර වෙරළ තීරයන් සඳහා ඉතා ප්‍රසිද්ධය. මුළු දිවයිනම නිල් පළිඟු‍ පැහැ සාගරයකින් වටවී පැවතීම නිසා සොබාදම් මෑණියන්ගේ මෙම අපූර්වතම නිමැවුම ශ්‍රී ලාංකිකයන්ට නම් නුපුරුදු හැඟීමක් එක් නොකරයි. එනමුත් මෙම රමණීය වෙරළ තීරයන් විදෙස් රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සිත් ඇඳ බැඳ තබාගැනීමට සමත් වන බව නම් නොරහසකි. එම හේතු නිසාම මුහුදු වෙරළ විදේශ විනිමය මෙරටට ගෙන ඒමට සමත් වන ප්‍රධානම ප්‍රභවයක් ලෙස සැලකිය හැකි ය.


මුහුදු වෙරළක් සංචාරක කටයුතු සඳහා සුදුසු නුසුදුසු බව තීරණය කිරීමේදී සාධක කිහිපයක් පිළිබඳව සැලකිලිමත් වේ. ආරක්ෂිත බව, සෞන්දර්යාත්මක බව, ප්‍රසන්න කාලගුණය හා උෂ්ණත්යෙ හා දූෂණයෙන් තොර වීම ඒ අතරින් ප්‍රධාන වේ. තවද, සංචාරකයන් ද මුහුදු වෙරළෙහි සෞන්දර්යාත්මක බවට අමතරව එහි පිරිසිදු බව ගැන ද විශේෂයෙන් සැලකිලිමත් වේ. එම නිසා වෙරළ තීරයන් පිරිසිදුව තබාගැනීම පාරිසරික මෙන්ම ආර්ථික වශයෙන් ද වැදගත් වේ.

වෙරළ තීරයන් පිරිසිදුව පවත්වා ගැනීමේ පාරිසරික හා ආර්ථික අවශ්‍යයතවය හඳුනා ගැනීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව සහ නවෝත්පාදන සමාජය විසින් සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයක් පිරිසිදු කිරීම සඳහා කටයුතු සූදානම් කෙරිණි. ඒ සඳහා මීගමුව “බ්‍රවුන්ස්” වෙරළ තීරය තෝරා ගැනුණේ වෙරළ තීරය නිරීක්ෂණය කිරීවම්දී එහි ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍යය සැලකිය යුතු ලෙස දක්නට ලැබීම හේතුවෙනි.

 ව්‍යාපෘතිය සඳහා යොදාගත් දින උදෑසන 7 ට පමණ අප කණ්ඩායම කොටුව දුම්රිය ස්ථානයට එක් වීමු. පැය දෙකකට ආසන්න දුම්රිය ගමනකින් පසු මීගමුවට ළඟා වූ අප වෙරළ තීරය තෙක් වූ කෙටි දුර පා ගමනින් යාමට තීරණය කළෙමු. “බ්‍රවුන්ස්” වෙරළ තීරය වෙත පැමිණි අප වෙරළ තීරවේ එක් කෙළෙරක සිට පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කළ අතර එහිදී නොදිරන සහ දිරන අපද්‍රව්‍ය ලෙස වෙන වෙනම කසළ බහාලන බෑග වලට එක් රැස් කළෙමු.

පැය හතරක පමණ වෙහසකර ව්‍යායාමයකින් පසු වෙරළ තීරය පිරිසිදු කිරීම අවසන් කිරීමට අප සමත් වූවයමු. දිරන අපද්‍රව්‍ය ප්‍රදේශයේ නගර සභාව මගින් කසළ රැස් කරන රථයක් වෙත භාර දීමට අප කටයුතු කළ අතර ප්ලාසටික් ඇතුළු නොදිරන අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා වත්තල  ආයතනය වෙත භාරදීමට ද කටයුතු කවළමු. එලෙස ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක ලෙස අවසාන කිරීමට අප කණ්ඩායමට හැකි විය. 

අවසානයේ සමාජයට සේවයක් සහ අන් අයට ආදර්ශයක් වන ව්‍යාපෘතියක කොටස්කරුවන්වීමට ලැබීමේ ප්‍රීතිය සිත්හි රඳවා ගෙන අප කණ්ඩායම සතුටින් විසිර ගියහ.

ලිපියෙහි සම්පුර්ණ අයිතිය අපගේ කතෘ : චමුදි සෙනවිරත්න (විද්‍යා පීඨය | 2 වන වසර ශිෂ්‍ය)

2 thoughts on “පිය සටහන් පමණක් ඉතිරි කරමු”

Leave a Comment

Your email address will not be published.